Sri Lanka's largest video game (Nero) in December.

ශ්‍රී ලංකාවේ විශාලතම වීඩියෝ ක්‍රීඩාව මේ දෙසැම්බරයේ. (Arimac විසින්) 



දැනට පරීක්ෂණ තත්ත්වයේ පවතින ශ්‍රී ලංකාවෙ නිර්මාණය වුනු විශාලතම වීඩියෝ ක්‍රීඩාව වන නීරෝ වීඩියෝ ක්‍රීඩාව නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාවේ වසර 30ක් පැවති යුද්ධයේදී ස්නයිපරයෙන් LTTE ත්‍රස්තවාදීන් 217ක් මරාදමා ශ්‍රී ලංකාවෙ බිහි වූ දක්ෂතම වෙඩික්කරු වන නමින් Ranjith Premasiri Madalana (Nero) ගේ යුධ පිටියේ සිදුවූ කථාවක් ඇසුරිනි.


මෙම වීඩියෝ ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කරන ලද්දේ 2017 වර්ෂයේ වන අතර Nero ක්‍රීඩාව 2020 දෙසැම්බර් මාසයේ නිකුත් කරන බව මෙම ක්‍රීඩාව නිර්මාණය කරන Arimac සමාගම විසින් නිල වශයෙන් දැනුම් දී ඇත. 2016 වර්ෂයේදී නිකුත් වූ කංචායුධ වීඩියෝ ක්‍රීඩාව ද නිර්මාණය කර ඇත්තේ ද මෙම Arimac නම් ශ්‍රී ලාංකික සමාගම විසිනි. මෙම වීඩියෝ ක්‍රීඩාව First person shooter ගණයට අයත් වන ක්‍රීඩාවකි. එනම් මෙම ක්‍රීඩාවේ අපට ක්‍රීඩකයාව පිටුපසින් පෙනෙන ආකාරයට නිර්මාණය කර ඇත.

මෙම වීඩියෝ ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් වෙඩි තබා ගැනීමට ඇති ක්‍රීඩාවක් වුවත් මෙහි සියල්ල කතාවකට අනුව නිර්මාණය කර ඇත. මෙහිදී වීඩියෝ ක්‍රීඩාව ඇතුළතදී චරිත අතර වන කතාබහ සියල්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාවෙන් හඩකවා තිබීම විශේෂත්වයකි. මෙය පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා Arimac Official වෙබ් අඩවියට පිවිසෙන්න. Arimac වචනය මත Click කිරීම මගින් Arimac official වෙබ් අඩවියට පිවිසිය හැක.

Comments

Post a Comment